
මේ ලිපියෙන් අපි බලමු ඊබොක්කට වඩා මිල අඩුවෙන් භාන්ඩයක් ලංකාවට ගෙනවා ගන්නා හැටි. පේපැල් හා eBay නිකන් රයිගමයයි ගම්පොලයයි වගේ හින්දා මේ ලිපියත් පේපැල් කුප්පිය අස්සේම දාන්න හිතුවා. මේ සදහා වෙබ් අඩවි කීපයක් හදුන්වා දෙන්නම්, ඒවාගේ මූලික ක්‍රියා පටිපාටිය විස්තර කරන්නත් බලාපොරොත්තු වෙනවා.
ඊබොක්කේ වෙලෙන්දෝ
ගනන්
කරන්න අමාරු තරමේ භාන්ඩ රාශියක් සමග ගනන් කරන්න අමාරු තරමේ වෙලෙන්දන්
ගොඩක් ඉන්නවා. ඔයාලා හිතනවාද මේ වෙලෙන්දා තමන්ගේ කොම්පැනියෙම නිපදවපු භාන්ඩ
ඊබොක්කේ විකුනනවා කියලා? නෑ.. එහෙම වෙලෙන්දොත් ඉන්නවා, ඒත් ගොඩක් ඉන්නේ
අතරමැදියෝ. එයාලා කරන්නේ Drop Shipping. වෙනත් වෙබ් අඩවියකින් භාන්ඩයක්
මිලදීගෙන, ලාභ තියාගෙන ඊබොක්කේ විකුනනවා. අපේ එවුන් ලාභයි ලාබයි කියලා
අරගන්නවා. ඇමෙරිකාවෙන් Top Rated වෙලෙන්දෙකුගෙන් ගත්තේ කියලත් කියනවා. ඒත්
බොහෝවිට ගෙදරට භාන්ඩේ එන්නේ චීනෙන් හෝ හොං කොං වලින්. අපි බලමු මේ වෙලෙන්දෝ
කොහෙන්ද මේ භාණ්ඩ මිලදී ගන්නේ කියලා.
buyincoins.com
මේක
අන්තර්ජාලේ තියෙන භාන්ඩ මිල අඩුම වෙබ් අඩවිය. චීනය, හොංකොං, සිංගප්පූරුව
වගේ රටවල්වල ශාඛා පිහිටලා තියෙනවා. තියෙන සියලුම භාන්ඩ Free Shipping .
ලංකාවට ඇතුලුව ලෝකේ වටේ රටවල් 170 කට නොමිලේ ප්‍රවාහනය කරනවා. මේ වෙබ්
අඩවියේ Shipping ක්‍රම 3ක් තියෙනවා.
Air Mail (unregistered) = $0, 3 Weeks
Air Mail (Registered with Tracking No) = $1.9, 3 Weeks
EMS Express = $20+, 1 Week
අපි
බොහෝවිට භාන්ඩ ගෙන්වන්නේ Air Mail (unregistered) කියන එකෙන්. $30 කට වැඩි
භාන්ඩයක්නම් එයාලා Free Tracking No ක් දානවා. අපිට කැමතිනම් $1.9ක් ගෙවලා
$30ට අඩු භාන්ඩයකට Tracking No එකක් දාගන්න පුලුවන්.
මොකක්ද මේ Tracking No ?
මේක
පාර්සලයේ ඉදිරිපස අලවලා එවන Bar Code එකක්. මේ Bar Code එක නිසා අපේ
භාන්ඩය ලෝකේ කොහෙද තියෙන්නේ කියලා දැන ගන්න පුලුවන්. ඒ කියන්නේ චීනයේද,
පෙලේන් එකේද, ලංකාවෙද කියන එක. Refund එකක් ගන්නවානම් Tracking No එකක්
අනිවාර්යෙන් තියෙන්න ඕනේ.
ඇයි මෙච්චරම ගනන් අඩු?
Original
Packaging නෑ. සෑම දෙයක්ම එවන්නේ Bubble Pack වල. ඒ නිසා භාන්ඩය සදහා යන
නිශ්පාදන වියදම විතරයි යන්නේ. Original Packaging වලට යන ගාස්තුව වගේම බර
අඩු නිසා Shipping Cost එකත් අඩුයි.
අතර මැදියෝ නෑ. නිශ්පාදනාගාරයෙන් ගන්නවා, එවනවා.
බොහෝවිට භාන්ඩ චීනයේ නිපදවන ලද ඒවා. චීන බඩු කොහොමත් ගනන් අඩුයිනේ.
ඒ වගේම එයාලා ගොඩක් බලන්නේ, අඩු ලාභයක් තියාගෙන වැඩි භාන්ඩ ප්‍රමානයක් විකුනලා ලාභ ලබන්න.
mistertao.com
මේ
වෙබ් අඩවිය buyincoins.com Part 2 කීවොත් නිවරදියි. ඊ බොක්කේ Chinese
version එක කීවත් නිවරදියි. ගිහින් බලන්නකෝ එතකොට තේරෙයි. මේක buyincoins
හිම වෙබ් අඩවියක්. මේකේ යාන්ත්‍රනය මෙහෙමයි.
මේකේ
බොහෝමයක් භාන්ඩයක්ම දාලා තියෙන්නේ Shipping Cost නැතිව. අපි Shopping
Cart එකට දාලා ඇරගෙන යද්දී, බර කිරලා, බරට අනුව Shipping Cost එකතු කරනවා.

අපි මුදල් ගෙවන්නේ mistertao ට.
mistertao ගෙවනවා වෙලෙන්දාට.
Shipping Cost එක මෙහෙමයි

මීට අමතරව Paypal Charges ලෙස $1.5 කුත්, Comisson fee ලෙස 10% කුත් අන්තිම ඒකතුවට එක්වෙනවා.
උදාහරන: බර 550g

තව
දෙයක් තියෙනවා. ඔතන ඉන්න හැම වෙලෙන්දාගෙන්ම භාන්ඩ මිලදීගන්න බෑ. එයාලාට
හොද Ratings එකක් තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් 11ට වැඩිවෙන්න ඕනේ. වම් අත
පැත්තේ රූපයේ පෙනෙන පරිදි Filter එකක් තියෙනවා. ඒකෙන් පෙරලා, භාන්ඩ
හොයාගන්න. එතකොට ඕනෙම භාන්ඩයක් අඩුවට මෙන්ම විස්වාසදායීව මිලදී ගන්න
පුලුවන්.

මං
මේ වෙබ් අඩවි සමග ගනු දෙනු කරලා ගෙන්වාගත්ත භාන්ඩවල කවර ටිකක් පෙන්වන්නම්.
භාන්ඩනම් හොයන්න ටිකක් අමාරුයි. ගොඩක් ඒවාගේ ඇතුල බලන්න කෑලි ගලවලා ඒවා
තැන් තැන්වල දාලා. හොයන්න ගියොත් ඇද යට මෙහෙයුමක් කරන්න වෙනවා.

(මෙම ලිපිය අයිප්ලස්බ්ලොග් වෙබ් අඩවිය මඟින් වන අතර මෙම ලිපියේ සම්පුර්ණ කතෘ අයිතිය එම වෙබ් අඩවිය සතු වේ)
mistertao.com eke paypal haraha gewanda puluwanda?
ReplyDelete