Thursday, August 16, 2012

මුලින්ම බ්ලොග් එකක් හදන්න ඉගෙන ගමු.

                        1.කොටස

අපි ඔන්ලයින් රැකියා කරන්න කලින් තමන්ටම කියල බ්ලොග් එකක් පටන් ගමු.මොකද දන්නවද? අපි ඔන්ලයින් කරන රැකියා හැම එකකටම වගේ මේ බ්ලොග් අඩවියක් අවශ්‍ය වෙනවා.

එහෙනම් අපි බ්ලොග් එකක් හදාගම්මුකෝ පල්ලෙහා උපදෙස් විදියට.

මම අද දාන පෝස්ට් එක නම් වැදගත් වෙන්නෙ මේ ගැන නොදන්න අයට විතරයි.මට මේ ගැන දාන්න හිතුනේ බ්ලොග් එකක් කරන්න ආසා නමුත් හරි හැටි ඒගැන නොදන්න ගොඩක් අය ඉන්න නිසා.මම මුලින් ඒ ගැන විස්තර ටිකක් කියන්නම්.

බ්ලොග් එකක් කියන්නෙ හරියට සඟරාවක් වගේ.මේක වෙබ් අඩවියකට වඩා ගොඩක් වෙනස්.වෙබ් අඩවියක් හදන්න ලොකු දැනුමක් තියෙන්න ඕනා.ඒත් බ්ලොග් අඩවියක් හදන්න හරිම ලේසියි.බ්ලොග් අඩවියක මූලික දේවල් නිකන්ම අපිට හම්බවෙනවා.අපිට තියෙන්නෙ ඒකට ලිපි දලා,ඕන්නම් ගැජට් ටිකක් දාලා ලස්සන කරල ගන්න විතරයි.

හරි එහෙනම් අපි බ්ලොග් හදන්න පටන් ගමු.

සේවාව ‍තෝරා ගැනීම

ගොඩක් අය බ්ලොග් එකක් හදන්නෙ

*blogger
*wordpress

යන දෙකෙන්.මමනම් කියන්නෙ blogger තමයි හොඳ.මොකද ඒක Google ගෙම සේවාවක් නිසා.ඒ වගේම මම අද කියා දෙන්නෙත් blogger වලින් බ්ලොග් එකක් හදාගන්න හැටි.

blogger වලින් බ්ලොගයක් සාදා ගැනීම

එහෙනම් මුලින්ම මෙතන ක්ලික් කරලා blogger(www.blogger.com)වලට යන්න. එතකොට පහළ පින්තූරෙ වගේ තැනක් එයි.
(මම දාන පින්තූර පැහැදිලිව ලොකුවට බලාගන්න පින්තූරෙ උඩ ක්ලික් කරන්න)



මට තව දෙයක් කියන්න අමතක වුනා.blogger වලින් බ්ලොග් එකක් හදන්නනම් Google වල ගිනුමක් තියෙන්න ඕනා.ඒ කියන්නෙ gmail වල e-mail ගිණුමක්
 තියෙන්න ඕනා.
දැනටමත් තියෙනවනම් ප්‍රශ්නයක් නැහැ



හරි ඊට පස්සෙ ඔයාලට පේනවනෙ ඒ පේජ් එකේ දකුණු පැත්තෙ තියෙනවා email එක සහ password එක ගහන්න තැනක්.ඒකට ඔයාලගෙ google ගිණුමෙ නැත්නම් gmail වල ගිණුමෙ email එකයි password එකයි ඇතුල් කරලා sign in කියන එක ක්ලික් කරන්න.
එතකොට ඔයාලට පහළ පින්තූරෙ වගේ තිරයක් පෙනෙයි.


ඒකෙ display name කියන එකට බ්ලොග් එක හැදුවට පස්සෙ පේන්න ඕනා නම දාලා I accept the term of services කියන එකට ටික් එකක් දාලා CONTINUE කියන එක ක්ලික් කරන්න.ඊට පස්සෙ පහළ වගේ තිරයක් පෙනෙයි.



ඒකෙ තියෙන CREATE YOUR BLOG NOW කියන එක ක්ලික් කරන්න.
එතකොට පහළ වගේ තිරයක් එයි.

ඒකෙ blog title කියන එකට ඔයාලගෙ හදන බ්ලොග් එකේ නම දෙන්න.
උදා:-සැමදෙයක්ම

blog addres(URL) කියන එකට ඔයාලා හදන බ්ලොග් එකට දාන බ්ලොග් ලිපිනය දෙන්න. ඔයා දෙන්න හදන ලිපිනය කවුරුහරි ඉස්සෙල්ල පාවිච්චි කරල නම් ඒක දාන්න බැහැ.පාවිච්චි කරලද බලන්න ලිපිනය දීලා Check Availability කියන එක ක්ලික් කරන්න
උදා:-yourblogsname.blogspot.com

ඊට පස්සෙ යට තියෙන ඇද වෙච්ච අකුරු(Word Verification)ටික පහළ කො‍ටුවෙ ටයිප් කරන්න.ඊට පස්සෙ CONTINUE කියන එක ක්ලික් කරන්න.
එතකොට පහල වගේ තිරයක් එයි.
දැන් ඔතනින් කැමති ටෙම්ප්ලේට් එකක් ‍තෝරගන්න.ටෙම්ප්ලේට් එක කියන එක සරළව කිව්වොත් ඒක තමයි බ්ලොග් එකේ පෙනුම.නැත්නම් ඇඳුම.දැනට ඔතනින් එකක් ‍තෝරගන්නකො.(ඒක උඩ ක්ලික් කරන්න)පස්සෙ කියන්නම් ලස්සන ටෙම්ප්ලේට් දාගන්න හැටි.හරිනෙ එහෙනම් ‍තෝරලා ඉවරයිනෙ.දැන් එහෙනම් CONTINUE කියන එක ක්ලික් කරන්න.


දැන් පහළ වගේ එකක් පෙනේවි.

ඒක පෙනුනද?ඒ කියන්නෙ ඔයා බ්ලොග් එක හදලා ඉවරයි.දැන් ඉතින් START BLOGGING කියන එක ක්ලික් කරන්න.දැන් පෝස්ට් එකක් දාන්න වැටෙයි.ඒ වුනාට පෝස්ට් දාන්න එපා දැම්ම.මම ඊලඟ පෝස්ට් එකේදි ඒ ගැන කියල දෙන්නම්.


දැන් ඉතින් අර දුන්නු බ්ලොග් ලිපිනයට ගිහිල්ල බලන්න බ්ලොග් එක කොහොමද කියල.තාම ඉතින් හදපු ගමන් හින්ද ලස්සන නැතුව ඇති.ඊලඟ ලිපියෙන් පස්සෙ ලස්සන කරගන්න පුළුවන්.
                           
                         2.ලිපිය

ඔන්න මම බ්ලොග් එකක් හදන හැටි කියදුන්නු පෝස්ට් එකේ දෙවෙනි පෝස්ට් එක දානවා.මම හිතුවෙනම් දවස් දෙක තුනකින් දාන්න.ඒත් ඉතින් සතියකටත් වැඩිය ගියා.ඒක වුනේ මගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ස්ලෝ වුන හින්දා.

හරි කමක් නැහැ.දැන් ඉතින් වැඩේ පටන් ගමු.දැන් කට්ටිය බ්ලොග් එකක් හදලා ඇතිනෙ.ඉතින් අද කියල දෙන්න යන්නෙ.ඒක ලස්සන කරල පෝස්ට් දාන හැටි.තව ඉතින් followers ගැන,කමෙන්ට්ස් ගැන වගේ දේවල් කියල දෙන්න බලාපොරොත්තු වෙනවා.එක පෝස්ට් එකකින් දාන්න තමයි හිතාගෙන ඉන්නෙ.ඒත් වෙලාව මදි වුනොත් තව පෝස්ට් එකකින් දාන්නම්.හරි එහෙනම් පටන් ගමු.


ටෙම්ප්ලේට් එකක් දැමීම(Template)


මේකෙන් තමයි බ්ලොග් එකේ ලස්සන ඇති වෙන්නෙ.ටෙම්ප්ලේට් එකක් කියන්නෙ බ්ලොග් එකේ ඇඳුම.නැත්නම් පිටත පෙනුම.ඒක තුල තමයි අපි ලිපි ගැජට්ස් ඕන දෙයක් දාන්නෙ.මේ වගේ ටෙම්ප්ලේට්ස් කිහිපයක් බ්ලොගර් වලින්ම දීලා තියෙනවා.ඒත් ඒවා එච්චර ලස්සන නෑ.ඒවට ඔයාලා කැමතිනම් කමක් නැහැ.ලස්සන ටෙම්ප්ලේට්ස් අපිට ඉන්ටර්නෙට් එකෙන්ම ගන්න පුළුවන්.ඔන්න මම පහළින් දානවා ඒ වගේ සයිට් තුනක්.(ඒවට යන්න නම උඩ ක්ලික් කරන්න)


**
Blogger Templates     (http://btemplates.com)
**
Free Blogger Templats    (http://www.bloggertemplatesfree.com)
**
BLOGGER TEMPLATES   (http://www.bloggertemplatesblog.com)  (ඉස්සෙල්ල එක නෙමෙයි)

මම අද කියන්න යන්නෙ පළවෙනි එකෙන් ටෙම්ප්ලේට් එකක් දාගන්න හැටි.එහෙනම් මුලින්ම ඒ සයිට් එකට යන්නකෝ.ඊට පස්සෙ කැමති එකක් ‍තෝරගන්න.(ඔය මුලින්ම පේන්නෙ ටිකයි.යට තියෙන ඉලක්කම්වලින් ඊලඟ පේජුත් බලන්න)හරි ‍තෝරගත්තනෙ.ඒක කොයි වගේද කියල බලන්න Demo කියන එක ක්ලික් කරන්න.හොඳනම් Download කියන එක ක්ලික් කරල ඒක ඩවුන්ලෝඩ් කරගන්න.පොඩිම පොඩි ෆයිල් එකක් තියෙන්නෙ.ඒක ඩවුන්ලෝඩ් වෙන්නෙ RAR ෆයිල් එකක් විදිහට.ඒක බලන්න අනිවාර්යයෙන්ම WinRar තියෙන්න ඕනා.ඒක කොහොමහරි දාගන්න.ගොඩක් අය ගාව මේක තියෙනවා.සමහර අය දන්නෙත් නැහැ.(මේක හොයාගන්න බැරි කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න)හරි.කොහොමහරි ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක ඕපන් කරල Extract කරගන්න.(දන්නෙ නැති කෙනෙක් ඉන්නවනම් කියන්න)ඊට පස්සෙ බ්ලොගර් වලට ගිහිල්ල ඔයාලගෙ එකවුන්ට් එකට යන්න ඊට පස්සෙ Design කියන එකට යන්න.(ඔය පහළ පින්තූරෙ තියෙන්නෙ.)



ඊට පස්සෙ එතනින් උඩ තියෙන Edit HTML කියන එකට යන්න.(පින්තූරෙ බලන්න)



ඊට පස්සෙ එතන තියෙනවනෙ Choose File කියල එකක්.අන්න ඒක ක්ලික් කරන්න.ඊට පස්සෙ  ටෙම්ප්ලේට් එක Extract ෆෝල්ඩරේ ඇතුලට යන්න එතකොට ඔයාලගෙ ටෙම්ප්ලේට් ෆයිල් එක තියෙයි.(ඒක .xml ෆයිල් එකක්.)ඒකෙ අයිකන් එක මම පහල පින්තූරෙ පෙන්නල තියෙනවා.



අන්න ඒක ‍තෝරගෙන open කරන්න.ඊට පස්සෙ upload කියන එක ක්ලික් කරන්න.එතකොට පහළ වගේ තිරයක් එයි.(නොඑන්නත් පුළුවන්)

ලොකුවට බලන්න පින්තූරෙ උඩ ක්ලික් කරන්න

ඒකෙ keep widget කියන එක ක්ලික් කරන්න.දැන් ටිකකින් හරි.ටෙම්ප්ලේට් එක බ්ලොග් එකට වැටෙයි.ගිහිල්ල බලන්න බ්ලොග් එකට.



                      3.ලිපිය  

හරි.දන ටෙම්ප්ල්ටේ එකකුත් දැම්මනේ.දන තියෙන්නේ බ්ලොග් එකේ පෝස්ට්ස් දාන විදිය ඉගෙන ගන්නයි.එකනම් සිම්පල්.මුලින්ම ඔයාලගේ බ්ලොග් එකට යන්න.එතකොට එහි උද වම පැත්තේ ඇති පෑනක් වගේ තියෙන පොඩි බට්න් එකක්.එක ක්ලික් කරන්න.පහත රූපය බලන්න.


හරි.දන ආව පේජ් එකේ Title කියන තැන ඔබගේ ලිපියේ පාත්රුකාව ටයිප් කරන්න.

ඊට යටින් තියෙන විශාල ප්‍රදේශයේ ඔබගේ ලිපිය සකස් කරන්න(ටයිප් කරන්න)

දන සේරම වේද ටික කරානම් අර Publish කියන බට්න් එකක්ලික් කරලා ඔබගේ ලිපිය පලකරන්න ඔබගේ බ්ලොග් අඩවියේ.


හරි එහෙනම් ඔන්න බ්ලොග් එකක කරන්න ඕන මූලික දේවල් ටිකනම් කියල දුන්න.ඉතුරු වැඩ ටිකනම් ඔයාලට ඉගෙනගන්න වෙයි.අනික තමන්ම තනියමම දෙයක් ඉගෙනගත්තොත් තමයි එකේ වටිනාකමක් තියෙන්නේ.ඒ වගේම හඳට මතක හිටිනවා.

දැන් ඉඳං අපි කියල දෙන්නේ ජොබ් එකේ වැඩ තමයි.

37 comments:

  1. machan cahmika meke thiyenne parana widiha bn apahu dapan meka alutha karala.
    but ube wadenam supiri macho0o digatama karagena yanna

    ReplyDelete
    Replies
    1. earning wala sign up adsense walinne reg wenna one.1karanne kohomada? plz help me

      Delete
  2. ela thanx sahodaraya

    ReplyDelete
  3. machan, blooger 1 type karanna teyena loku space 1 apita sinhala font type karanna berida? puluwan nam keyala dipan. loku deak kolla!!

    ReplyDelete
  4. puluwan bn.ekata google transliterator use karapn bn.(cloud input tools wala sinhala )

    ReplyDelete
    Replies
    1. api hadana blog ekata adfly haraha ena widiyata hadanne kohomada kiyala puluwanam mage mail ekata ewanna.thanks lot.me blog site eka super

      Delete
  5. thanks aiya.. thank u very much.. god bless u

    ReplyDelete
  6. when clicking on the red button i am getting " Another user using your IP address already
    viewed this advertisement in the last 24 hours..." please tell me what the issue is ? what should i do for this ?

    ReplyDelete
  7. switch off your router for 10 minutes and try to view the ads.or if u using a dongal, diconnect it for 10 minutes and try it.

    ReplyDelete
  8. machan neobux eke add click karaddi Another user using your IP address already
    viewed this advertisement in the last 24 hours..." mehema wetenawa..ai a

    ReplyDelete
  9. daiyo ituru tikat ikmanata web ekatae dannako oyage wedanam Godak watinawa Thanks Djs

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. Edit HTML kiyana akata giyahama Choose File kiyana aka hoyaganna baha dannawa nam mata kiyanna

    ReplyDelete
  12. machan therenawa madi open karapu bloge ekaka wada ganna widiya puluwannam kiyala ewanna.oya api hamaotama loku udawwak karanne...

    ReplyDelete
  13. clicksence wala game ekak play karanna thiyenawa neda.eka play karanne kohomada machan

    ReplyDelete
  14. ithuru tikath igena ganna unanduwen balainnawa

    ReplyDelete
  15. පහසුවෙන් මුදල් උපයන්න නියම මාර්ගය....1 ad 1ක් click කිරීමෙන් 5$ ලැබෙනවා ...
    මේ blog අඩවියට වැඩි විස්තර සඳහා පිවිසෙන්න..
    http://earnmoneyeazyly.blogspot.com/

    ReplyDelete
  16. mama click sense account ekak haduwa view adds click karahama form ekak fill karanna enawa eka fill karuwahama password ekak e form eke aye illanawa..plz help

    ReplyDelete
  17. mata danna kawruhari help ekak denawada. mata denaganna oni clixsens wage ptc wala money hoyala payout karanakota api aniwarayen refferans la hoyala tiyenna onimada netuwa payout karanne nedda please help me

    ReplyDelete
  18. dawasata $20k hoyanna puluwan aniwaren pahala tiyana eken danmama register wenna HURRY UP...
    http://www.mazbux.com/?ref=dinushkawic

    ReplyDelete
  19. machan ubage adahasa dakala mamath blogger ekak haduwa elama thama a wade but machan mata thama link ekak image ekak dana widiya therenne ne plz ekath kiyanawada tnx oyata dear

    ReplyDelete
  20. Mama blog ekak haduwa.eth eke waradi gpday.kaatahari puluwannam udaw karanna

    ReplyDelete
  21. thank you... machan.. ube blog ekanan niyamai.... :D

    ReplyDelete
  22. ගොඩක් ස්තුති අයියෙ මටත් හොයාගන්න බැරැව හිටියෙ බ්ලොග් එකක් දැන් හරි........... සුබපතනව

    ReplyDelete
  23. WinRay daganna kohomade ? Pahadili naha

    ReplyDelete
  24. WinRay daganna kohomade ? Pahadili naha

    ReplyDelete