Sunday, May 19, 2013

හොර වැඩකින් ක්ලික්සේන්ස් වල සල්ලි එකතු කරමුද?



ඔන්න ඉතින් බොහොම කාලෙකින් ඔයාලට ගොඩක් වටිනා ලිපියක් ලියන්න මට ඉඩකඩ ලැබුනා.මේ වැඩේ මටත් මේ ඊයේ පෙරේදා තමයි හොයාගන්න පුළුවන් වුනේ.ඇත්තටම කිව්වොත් මේක 100% ක් සාර්ථකයි.හැබැයි ඉතින් සල්ලි එකතු වෙන විදියනම් එකම තමයි.මේක හැක් කිරීමක්නම් නෙවෙයි.නමුත් ඇත්තටම හොර වැඩක්.
සමහර අයනම් BOT ගැන අහලත් ඇති..ඇත්තටම කිව්වොත් මේකත් BOT එකක් තමයි.

BOT එකක් කියන්නේ මොකක්ද කියල දැන් සමහර අය කල්පනා කරනවා ඇති.හරි හරි.එහෙනම් තේරෙන භාෂාවෙන් කියන්නම්කො මේකෙන් මොකක්ද කොරන්ඩ පුළුවන් කියල ..

*BOT එකකින් පුළුවන් අපේ රිෆරල් ලින්ක් එකට ක්ලික්ස් ගන්න ඕනෑතරම්..
*මෙහිදී අප පාවිච්චි කරනු ලබන්නේ ක්ලික්ස් ලබා ගැනීම වෙනුවෙන් නිර්මාණය කරන ලද BOT එකක් වුවත් වෙනස් වෙනස් ආකාරයේ BOT වර්ග තිබෙනවා.
*වෙබ් අඩවි වල ට්‍රැෆික් ලබා ගැනීමට,යූ ටියුබ් වීඩියෝ වීව්ස් ලබා ගැනීමට වගේ වැඩ වලටත් මේ BOT නමැති හොර ක්‍රමය යොදාගන්නවා..

හරි හරි දැන් කියෙව්වා ඇතිනේ..දැන් මම කියල දෙන්නම් ලේසියෙන්ම මේ BOT එක පාවිච්චි කරලා ක්ලික්සේන්ස් වල ක්ලික්ස් ගන්න හැටි..

1.මේ වැඩේට අපේ පරිඝනකයේ JAVA ස්ථාපිත කර තිබිය යුතුයි.මෙය මෙතනින් ඩවුන්ලෝඩ් කරගෙන ස්ථාපිත කරගන්න.

2.දැන්  මෙන්න මෙතනින් මේ BOT එක ඔයාලගේ පරිඝනකයට ඩවුන්ලෝඩ් කරගන්න.

3.දැන් ඒ ෆයිල් එක ඕපන් කරගන්න. (මෙය ඕපන් කිරීම සඳහ ඔබේ පරිඝනකයේ WINRAR මෘදුකාංගය ස්ථාපිත කර තිබිය යුතුයි.)

4.හරි.දැන් "Multiclicker_Onlinejobslk" කියන ෆයිල් එක ඔයාලගේ පරිඝනකයේ වෙනත් ෆෝල්ඩරයකට Extract කරගන්න . (රූපයේ ආකාරයට)

5.දැන් අර අපි Extract කරගත්තු ෆයිල් එකට යමු.ඊටපස්සේ ඒකේ තියෙන "Multiclicker2-win" කියන ඇප්ලිකේෂන් එකේ Right Click කර Send To ---> Desktop (create ShortCut)  යන්න ලබා දෙන්න. (රූපයේ ආකාරයට)





ඔන්න දැන් ඔයාලගේ පරිඝනකයේ Desktop එකේ "Multiclicker2-win" කියල ShortCut එකක් ඇති.

*හරි.දැන් අපි මූලික වැඩ සේරම කරගත්තා.දැන් මේ BOT එක පාවිච්චි කරලා අපි ක්ලික්ස් ගමු..මෙන්න මෙහෙමයි ඇ... :D 

1. මුලින්ම ඔයාලගේ ඩෙස්ක්ටොප් එකේ තියෙන "Multiclicker2-win" කියන එක ක්ලික් කර එය ඕපන් කරගන්න.
2.දැන් ඔයාලට Multiclicker2 එක ඕපන් වෙයි.මෙහි මෙනුවේ තිබෙන "Add"  යන්න ක්ලික් කරන්න. (රූපයේ ආකාරයට)

3.දැන් ඔයාලට අලුත් ගොනුවක් ඕපන් වෙයි.එහි "clixsense (NSL) " යන්න ක්ලික් කර "OK" යන්න ක්ලික් කරන්න. (රූපයේ ආකාරයට 1 හා 2 පිලිවෙලින් ක්ලික් කරන්න )


4.දැන් ඔයාලට "Warning ! Fill Login Details " කියල Message box එකක් දිස් වෙයි.එහි OK යන්න ක්ලික් කරන්න.ඊටපස්සේ ඔයාලට එන Box එකේ Username කියන තැනට ඔයාලගේ ක්ලික්සේන්ස් යුසර් නේම් එක සහ Password කියන තැනට ඔයාලගේ පාස්වර්ඩ් එක ලබා දී OK+Start යන්න ක්ලික් කරන්න.

(රූපයේ ආකාරයට පියවර 1,2 හා 3 පිලිවෙලින් කරන්න)

ඔන්න දැන් ඉතින් සේරම වැඩ ටිකත් හරි.දැන් ඉතින් අරක වැඩ කරන්න පටන් ගත්ත ඔන්න..දැන් ඔයාලට පේනවා ඇති status කියන එකේ යටින් Getting Advert Page 3/1 කිය කිය ලෝඩ් වෙන ආකාරය...ඔයාලට දැන් පින්තුර වගයක් එහෙම දිස් වෙයි අරව ටික ලෝඩ් වුනාට පස්සේ..එතන පූසාගේ රූපය ක්ලික් කරන්න..ඔන්න ඔය විදියට කරගෙන යන්න..

ඔහොම ඔහොම වෙලා අන්තිමේට status කියන එක යටින් ඔයාලට Done කියල එකක් දිස් වෙයි..ඒ කියන්නේ දැනට තියෙන ඇඩ්ස් සේරම ඔයා ක්ලික් කරලා කියන එකයි..ඔන්න දැන් ඔයාලගේ මූණ රතු වෙයි :P "අනේ ඒ කියන්නේ තව සල්ලි එකතු කරන්න බැරිද? මූ අපිට බොරු නේද කිව්වේ? " කියල එහෙම දැන් මට බනින්න ගනියි නේද හිහ්හ් :D

බය වෙන්න එපා අනේ..ඒකටත් පොඩි වැඩක් කරන්න තියෙනවා..ක්ලික්සේන්ස්ලා අපිට ගොඩක් වෙලාවට මිනිත්තුවෙන් මිනිත්තුවට වගේ අලුත් අලුත් ඇඩ්ස් බලන්න දෙනවා නේ..ඉතින් අපි මේ bot එක මිනිත්තුවෙන් මිනිත්තුවට වැඩ කරන විදියට හදමු..හරිම ලේසියි..

1.මුලින්ම Stop කියන බට්න් එක ක්ලික් කරන්න (රූපයේ ආකාරයට)


2.) ඊටපස්සේ Edit යන්න ක්ලික් කරන්න (රූපයේ ආකාරයට)


3.ඊටපස්සේ Automation යන්න ක්ලික් කරන්න.ඉන්පසු එහි Random යන්න ක්ලික් කරන්න.
එහි Minimal Idle Time [min] යන ස්ථානයට 0 ද ,
      Maximal Idle Time [min] යන ස්ථානයට 1 ද  ලබා දී OK+Start යන්න ක්ලික් කරන්න.


ඔන්න ඉතින් දැන් වැඩ සේරම හරි..ඔය විදියට කරොත් ගොඩම තමා..

අහ තව දෙයක් කියන්න තියෙනවා..ආයෙත් පාරක් එහෙම status කියන එක යටින් ඔයාලට Done කියල එකක් දිස්වුනොත් එහෙම ආයෙත් අර උඩින් තියෙන Start කියන බට්න් එක ක්ලික් කරන්න..

මේ ලිපිය අපේ යාලුවන්ට වැදගත් වුනානම්, අපෙන් යමක් ලබා ගත්තානම්, පහලින් කමෙන්ට් එකකුත් දාන්නකෝ...

අහ ඒ වගේම මොකාක් හරි අවුලක්නම් ඒකත් පහලින් කමෙන්ට් කරන්න හොඳේ..